බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම සම්බන්ධයෙන් වන මාධ්‍ය හමුවේදී මේ අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා සිදු කරමින් පතින බවයි. එම තහනම හදිසි නොවී කල් ගෙන කළ යුතු දෙයක් බවද අමාත්‍යවරයා සඳහන් කළා. කාල සීමා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමටද සාකච්ඡා පැවැත්විය යුතු බවයි ඒ මහතා සඳහන් කලේ.
0 Comments